සිංහල අපට අන්තර් අධ්‍යයනයක් අවශ්‍යයි.

80 දශකය, ලෝකයේ බොහෝ 3 වන පන්තියේ රටවල් අනාගත ආර්ථික දියුණුව කරා මූලික අඩිතාලම සකස්කරගත් අවධියයි. ඉන්දියාව අනාගත තොරතුරු තාක්ෂණ පෙරළියේ ආයෝජනය කළේත්,  ශ්‍රී ලංකාවට පසුපසින් සිටි මැලේසියාව, ඉන්දුනීසියාව ප්‍රගතිගාමී ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කිරීම ආරම්භකළේත් 80 අවධියේයි. දැන් එම රටවල් අප පසුකර බොහෝ දුර ගිහින් අවසානයි. මේ රටවල් බොහොමයක් 80 දශකයේදී සැළකිය යුතු තරුණ ජනගහනයකට උරුමකම් කීවා. තරුණයන් ගේ සවිය, හැකියාව හා ජවය රටේ දියුණුවට ‍යොදා ගත්හ. එවැනිම වටිනා තරුණ රටකට උරුම කම් කී ලංකාවේ රට පුරාම සිදුවූ‍යේ තරුණ පරම්පරාව මුලිනුපුටා දැමීමයි. රජය අතින් හෝ කැරළිකරුවන් අතින් හෝ පාතාලය විසින් හෝ විනාශ වූයේ රටේ අනාගතයයි. අද අපි අතීත නායකයින් ගේ වැරදි නිසා දශක 3 ක යුද්ධයක් හා 88-89 ජ.වි.පෙ කැරැල්ල නිසා රටේ තරුණ පරම්පරාව මාරයාගේ කටට විසි කර 60% කට අධික මහලු ජනතාවක් සිටින රටක් බවට පත්ව සිටිනවා. එවැනි අවාසනාවන්ත කාලයක් අපට ඇති වූයේ ඇයි? අපේ රටේ වෙච්ච වැරැද්ද මොකක් ද?

මූලික  වශයෙන් කිවහොත් අපි රටක් හැටියට අන්තර් අධ්‍යයනයක් (introspection) සිදුකර නැත. අපිට වැරදුනේ කොතනද? ඇයි වැරදුනේ? යයි අවංක සොයා බැලීමක් සිදු කර නැත. එක් අතකට අපට එයට අවකාශයක් ලැබුණේත් නැත. 1971 සිට අපි කර ඇත්තේ විටින් විට මතුවූ විවිධාකාර ප්‍රශ්න වලට තාවකාලික පිළියම් සොයමින් හැල්මේ දිවීමයි. 1971 දී සිදුවූ තරුණ කැරැල්ල අවසන් වූයේ තරුණ ජීවිත 10,000 ක් මේ රටට අහිමි කරමිනි. එම නැගිටීමට මුල් වූ හේතු සාධක මොනවාදැයි රටේ කතිකාවතක් ඇතිවූයේ නැත. 1970 පටන් බලවත් ආර්ථික අහේනියකට මුහුණ දීමට රටේ ජනතාවට සිදුවූ අතර එහි බලපෑමි ද දැඩිව දැනෙන්නට විය. 1971 උණුසුම මැකීයනවාත් සමගම දෙමළ ප්‍රචණ්ඩත්වය ට මුහුණ දීමට සිදුවිය. රටේ සෛවරීභාවයට ප්‍රථම වතාවට තර්ජනයන් ආරම්භ විය. රටේ පෙර නායකයින් ගේ මුග්ධ හා ජාතිවාදී ක්‍රියාකලාපයන් නිසා ඇරඹි දෙමළ සටන්කාමී කණ්ඩායම් අවසානයේ උනුන් මරාගෙන ලෝකයේ බිහිවූ දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායම බවට පත්විය. එවැනි තත්වයක්  1970 දශකයේ අග භාගයේ සිට 1983 දක්වා රටේ උතුරු හා නැගෙනහිර පළාත් වල ඇතිවූ‍යේ තැනින් තැන ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා ලෙසයි.

සිංහල ජාතිවාදයේ උච්චතම අවස්ථාව වූ 1983 දෙමළ සංහාරය ලාංකීයය දේශපාලන වපසරිය මුලු මනින්ම වෙනස් කෙරිණි. දෙමළ ප්‍රචණ්ඩත්වයට ඔක්සිජන් සැපයීමක් වූ එය, දහස් ගණනින් දෙමළ සරණාගතයින් ලංකාව හැරදමා යා‍මේ ආරම්භය සනිටුවන් කළහ. 30 වසරක් මුලුල්ලේ රටේ යුද්ධයකට මංපෙත් විවර කළ අතරම, සිංහල දෙමළ සම්බන්ධය විශාල දෙදරීමකට බදුන් විය. 2009 දී යුද්ධය අවසාන වූයේ රටේ ජීවිත 200,000ක් පමණ රටට අහිමි කරමිණි. ජාතියක් ලෙස සිංහල අපි අපේ වැරදි දෙස බලා සිහිබුද්ධියෙන් යුතුව ස්වයං විවේචනයක් සිදුකළ යුතු නොවේද?

මේ සියලු කරදර මධ්‍ය‍යේ 1988-89 යුගය දකුණේ භීතියත්, පරිහානියත් ඇතිකළ අදුරු යුගයක් විය. ජීවිත 60,000ක් පමණ බිලිගෙන එම පරිච්ඡේදය නිම විය. නමුත් මේ සියල්ල ඇතිවූයේ ඇයිද යන්න ගැන අපි කතා කළ යුතුව ඇත. 71, 88-89, 30 වසරක යුද්ධය, 83 දෙමළ සංහාරය ඇති වූයේ ඇයිද ආර්ථිකය, රටේ නීතිය හා සමාජ සාධාරණත්වය පරිහානියට පත් වූයේ ඇයිද යන්න ගැන අපි කතා කළ යුතුව ඇත. ජාතියක් හැටියට රටක් හැටියට අන්තර් අධ්‍යයනයක යෙදිය යුතුය.

සිදුවූ වැරදි නිවැරදි කරගෙන රට හරි මගට ගෙන ඒමත් එම වැරදි නැවත සිදුවීම වළක්වා ගැනීමටත්  එය අත්‍යවශයය වේ.

Advertisements

About introspection4sl

i am a Lankan citizen, 26 years old. I like to talk about the issues in my country and this blog is for that.
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s